ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

27. පදුමුක්ඛෙප වග්ග

6. මච්ඡදායක ථෙරාපදානය

’’මම එකල්හි චන්ද්‍රභාග නදී තීරයෙහි කබරුස්සෙක් (පක්‍ෂි විශෙෂයක්) වීමි. මම මත්ස්‍යයෙකු ගෙන සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්ට දුනිමි.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මත්ස්‍ය දානයක් දෙන ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මත්ස්‍ය දානයාගේ මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මච්ඡදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මච්ඡදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.