ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
27. පදුමුක්ඛෙප වග්ග
7. ජවහංසක ථෙරාපදානය
’’එකල්හි මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි වැද්දෙක් වීමි. අහස් මගෙහි වඩින්නාවූ සිදුහත් බුදුරජුන් දිටීමි.
’’මම මහාමුනිවූ එම බුදුරජුන් බලමින්, ඇඳිලි බැඳ, සිය සිත පහදවා ලෝකනායකවූ උන්වහන්සේට වැන්දෙමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් බුදුවරයෙකු වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්‍දනාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ජවහංසකත්ථෙරස්සාපදානං සත්තමං.