ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
27. පදුමුක්ඛෙප වග්ග
8. සලලපුප්ඵිය ථෙරාපදානය
’’මම එකල්හි චන්‍ද්‍රභාඝා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මි ජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දුටුවෙමි.
’’මම පහන් සිතැත්තේ, සොම්නස්වූයේ, මහත්වූ ප්‍රීතියෙන් සලල මල් ගෙන (එම) විපස්සී බුදුරජුන්හට විසිරවීමි (පිදීමි.)
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙලෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සළලපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.