ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

27. පදුමුක්ඛෙප වග්ග

9. උපාගතාසය ථෙරාපදානය

’’හිමවත මැද මැනවින් නිමාකළ විලක් විය. මම එහි අනුන් වෙහෙසෙන සුළු භයානක රකුසෙක් වීමි.

’’අනුකම්පාව ඇති, කරුණාවන්තවූ ඒ විපස්සී බුදුරජතෙම මා (එම දරුණු ජීවිතයෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණි සේක.

’’මම එසේ පැමිණියාවූ, මහාවීරවූ, දෙවියනට දෙවිවූ, නරශ්‍රේෂ්ඨවූ (උන්වහන්සේ දුටිමි.) (දැක) සිටින තැනින් නික්ම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.

’’මින් එක් අනූවන කපෙහි පුරුෂොත්තමවූ බුදුරජුන්හට යම් වැඳීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැඳීමෙහි මේ ප්‍රතිඵලයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාගතාසය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උපාගතාසයත්ථෙරස්සාපදානං නවමං.