ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

27. පදුමුක්ඛෙප වග්ග

10. තරණීය ථෙරාපදානය

’’දක්‍ෂිණාර්හවූ, ස්වර්‍ණවර්‍ණවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද, ශාස්තෲවූ විපස්සී බුදුරජතෙම ගංතෙරෙහි සිටිසේක.

’’මහ මුහුදු තරණය කරණ නැවක් එහි නොවීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායකවූ එම බුදුරජුන් එතර කරවීමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි බුදුරජුන් ගඟින් එතෙර කිරීම නම්වූ යම් පින්කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් ගඟින් එතෙර කිරීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තරණියත්ථෙරස්සාපදානං දසමං.

පදුමුක්ඛිපවග්ගො සත්තවීසතිමො.