ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

28. සුවණ්ණබිම්බොහන වග්ග

1. සුවණ්ණබිම්බොහනිය ථෙරාපදානය

’’උත්තමාර්ත්‍ථයවූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දුනිමි. බිම්බොහන (මෙට්ට) යක්ද දුනිමි.

’’මින් එක් අනූවන කපෙහි යම් බිම්බොහන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකයයි.

’’මින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණ බිම්බොහනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුවණ්ණබිබ්බොහනියත්ථෙරස්සාපදානං පඨමං.