ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
2. තිලමුට්ඨිදායක ථෙරාපදානය
ලෝක නායකවූ ශාස්තෘ තෙමේ මාගේ අදහස් දැන මනෝමයවූ කයින් හෙවත් චිත්ත ගතියට හැරවූ සිරුරින් යුතුව ඎද්‍ධියෙන් (මා වෙත) එළඹි සේක.
’’මම එසේ එළඹියාවූ පුරුෂෝත්තමවූ ශාස්තෲන් වහන්සේට වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, තල මිටක් දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිල දානයක් (තල දනක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තල මිටක් දීමෙහි මේ විපාකයයි.
’’මින් සොළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති නන්දිය නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිලමුට්ඨිදායකත්ථෙරස්සාපදානං දුතියං.