ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
3. චඞ්ගොටකිය ථෙරාපදානය
’’සිද්‍ධාර්ත්‍ථ (බුදුරජතෙම) මහ සයුර ඇසුරුකොට ඇති කඳු අතරක වැඩ වෙසේ. මම (මල්) ගොටුවක් සාදාගෙන උන්වහන්සේට පෙර ගමන්කොට එය පිළිගැන්වීමි.
’’මම සියලු සත්ත්‍වයනට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන්හට මල් ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවලින් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
චඞ්කොටකියත්ථෙරස්සාපදානං තතියං.