ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
4. අබ්භඤ්ජනදායක ථෙරාපදානය
’’වීත රාගීවූ, තාදී ගුණ ඇති, ආකාශය සමවූ (මෙත්) සිත ඇති, ප්‍රමාද විහරණ (කෙළෙස් ගතිවලින් යුතුව නොසැළකිලිමත්ව විසීමක්) නැති, ධ්‍යාන කරන්නාවූ, සියලු මුළාවීම ඉක්මවූ, සකල ලෝක හිතෛශීභාවයෙන් යුත්, වීපදෝත්තමවූ, භාග්‍යවත් කොණ්ඩඤ්ඤ බුදුරදුන්හට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
’’මින් අසංඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි යම් ආලේපන තෛලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකයයි.
’’මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අබ්භඤ්ජනදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.