ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
5. එකඤ්ජලිය ථෙරාපදානය
’’දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නාවූ මහර්ෂී ශ්‍රමණයන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
’’ලෝකනාථවූ, තාදී ගුණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
’’මින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකයයි.
’’මින් තුදුස්වන කපෙහි ජනාධිපතිවූ මහත් බල ඇති, එක අඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකඤ්ජලිකත්ථෙරස්සාපදානං පඤ්චමං.