ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
6. පොත්‍ථකදායක ථෙරාපදානය
’’අසමාන පුණ්‍යක්‍ෂෙත්‍රවූ බුදුරජුන්ද, ධර්‍මය හා සංඝයාද අරභයා මහර්ෂීවූ බුදුරජුන්හට මා විසින් නියඳ වස්ත්‍ර දානයක් දෙන ලදී.
’’මින් එක්අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍ර දානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුමුතුරුණු සඳහා දුන්) එම නියඳ වස්ත්‍ර දානයෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පොත්ථකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.