ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
7. චිතකපූජක ථෙරාපදානය
’’මම චන්ද්‍රභාගා ගං ඉවුරෙහි යටිගං බලා යමි. (එහිදී) මාලුව මල් සතක් ගෙන (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සත් සැටවන කපෙහි සත් රුවනින් යුත්, පටිජග්ග නම් ඇති සක්විති රජ කෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.