ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
8. ආලුවදායක ථෙරාපදානය
’’හිමවත් පව්වෙහි සුදර්ශනීයවූ මහාසින්ධු නම් නදියකි. පැහැපත් ඉතා සන්සුන් බැව්හි යෙදුනු සුද්ස්සන නම් රහතුන් වහන්සේ දැක විෂ්මිතවූ සිත් ඇත්තේ, පහන් සිත් ඇත්තේ, සියතින්ම උන්වහන්සේට අල (කැබෙල්ලක්) දුනිමි.
’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් ආලුව දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආලුව (අල) දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආලුවදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.