ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
28. සුවණ්ණබිම්බොහන වග්ග
9. එකපුණ්ඩරීක ථෙරාපදානය
’’(මම) එකල්හි නම්න් රොමස නම් වීමි. මනා වෘත ඇති බුදුරජ තෙමේද විය. මා විසින් පහන් සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදී.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පියුමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුණ්ඩරීක දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපුණ්ඩරීක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකපුණ්ඩරීකත්ථෙරස්සාපදානං නවමං.