ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

28. සුවණ්ණබිම්බොහන වග්ග

10. තරණීය ථෙරාපදානය

’’පහසුවෙන් යා නොහැකි මාර්‍ගයක මවිසින් ලෝකයාගේ එතරවීම පිණිස සියතින්ම ඒදන්ඩක් (හෙයක්) කරවන ලදී.

’’මින් අනූඑක්වන කපෙහි මවිසින් ඒදණ්ඩ කරවන ලදී. දුගතියක් නොදනිමි. එදඬු දානයාගේ මේ ඵලයයි.

’’මින් පණස්වන කපෙහි සත් රුවණින් යුතු මහත් බල ඇති සමාගධ නම් සක්විති රජෙක් වීමි.

සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තරණීයත්ථෙරස්සාපදානං දසමං.

සුවණ්ණබිබ්බොහනවග්ගො අට්ඨවීසතිමො.

එකාදසමං භාණවාරං.