ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

29. පණ්ණදායක වග්ග

1. පණ්ණදායක ථෙරාපදානය

’’මම පර්‍ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනේ පන්සැලක හුන්නේ වෙමි. මුළු ලොවටම වෙදෙකු වැනිවූ, ලොව බබුළුවන්නාවූ සිද්‍ධාර්ත්‍ථ සර්‍වඥයන් වහන්සේ (එසේ) හුන් මා වෙත එළඹි සේක. එළඹ කොළ ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට (කෑම සඳහා) නිමවන ලද කොළයක් මා විසින් දෙන ලදී.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පර්‍ණ දානයාගේ මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පණ්ණදායකත්ථෙරස්සාපදානං පඨමං.