ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
29. පණ්ණදායක වග්ග
2. ඵලදායක ථෙරාපදානය
’’සිනේරු පර්‍වතය මෙන් ශාන්තවූ, මහමෙර මෙන් ස්ථිරවූ ඒ සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹි සේක.
’’අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුළු, බෙලි, බොරළු, දමනු යන සියල්ල මුළු ලොවට අනුකම්පා කරන්නාවූ සිදුහත් බුදුරජුන්හට පැහැදි සිතින් මා විසින් දෙන ලදී.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පලතුරු දනෙහි මේ විපාකයයි.
’’මින් සත් පණස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති එකජ්ඣ නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඵලදායකත්ථෙරස්සාපදානං දුතියං.