ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
29. පණ්ණදායක වග්ග
4. එකපුප්ඵිය ථෙරාපදානය
’’මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙක් වීමි. (එහිදී) පීත වර්‍ණ රැස් ඇති (උදාවන) හිරු වැනිවූ, කෙළෙස් රජස් නැති බුදු රජුන් දුටිමි.
’’සර්‍වලෝක හිතෛශීවූ, නරශ්‍රේෂ්ඨවූ, විපදෝත්තමවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදී.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.