ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

29. පණ්ණදායක වග්ග

5. මඝව පුප්ඵිය ථෙරාපදානය

’’නර්‍මදා නදී තීරයෙහි සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, යහපත්වූ, නොකැළඹුණු ඒ (සුමන) සර්‍වඥයන් වහන්සේ සමාධියට සමවැදුනේ විය.

’’පහන්වූ, සොම්නස්වූ මම අපරාජිතවූ එම සර්‍වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන්හට මඝම නම්වූ මල්වලින් පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝව පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මඝවපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.