ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
29. පණ්ණදායක වග්ග
6. උපඨාකදායක ථෙරාපදානය
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, විපදෝත්තමවූ, නරශ්‍රේෂඨවූ, වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
’’(දැක) මා විසින් සර්‍වලෝක හිතෛශීවූ ඒ සිදුහත් බුදුරජුන්හට උපස්ථායකයෙක් දෙන ලදී.
’’මහා මුනිවූ සර්‍වඥ තෙම (උපස්ථායකයා) පිළිගෙන (ආපසු මට පාවා දුනි.) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්‍රාචීන දිශාභිමුඛව (නැගෙනහිරට මුහුනලා) වැඩි සේක.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි උපස්ථායකයෙක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැනෙහි මේ විපාකයයි.
’’මින් සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපඨාකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උපට්ඨාකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.