ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

29. පණ්ණදායක වග්ග

7. අපදානීය ථෙරාපදානය

’’මම මහර්ෂීවූ බුදුරජුන්හට තථාගතයන් වහන්සේලාගේ අපදාන පැවසීමි. පහන්වූයේ සියතින් ශ්‍රීපාදයන්ද හිස නමා වැන්දෙමි.

’’මින් දෙයානූවන කපෙහි (යම්) සුගතාභිදානයක් පැවසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අපදාන කීර්‍තනයෙහි (තථාගත චරිතයන්ට පැසසීමෙහි) මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අපදානියත්ථෙරස්සාපදානං සත්තමං.