ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

29. පණ්ණදායක වග්ග

8. සත්තාහ පබ්බජිත ථෙරාපදානය

’’මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝ තෙමේ සත්කාර හා බුහුමන් කරන ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේය. පෙර ඥාතීන් අතර භේදයක් ඇතිවිය.

’’එම උවදුරින් සන්සිඳීම පිණිස බුදුසසුනෙන් කැමැත්තෙන් පැවිදිව සතියක් එහි ඇළුනේව විසීමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම පැවිදිවූයෙම්ද, (ඒ පැවිදිවීම කරණකොට ගෙන) දුගතියක් නොදනිමි. පැවිද්දෙහි මේ විපාකයයි.

’’මින් සත්සැටවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සුනික්ඛම නම් නම් වූ සක්විති රජ කෙනෙක් වූහ.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහ පබ්බජිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සත්තාහපබ්බජිතත්ථෙරස්සාපදානං අට්ඨමං.