ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

29. පණ්ණදායක වග්ග

9. බුද්‍ධුපට්ඨාක ථෙරාපදානය

’’මාගේ නම වෙටම්බරිය විය. එකල්හි මාගේ පිය තෙම මේ ලෝකාග්‍රනායකවූ බුදුවරු මට දහම් දෙසන්නාහුයයි කියා මාගේ අත ගෙන බුදුරජුන් වෙතට පැමිණවීය. මම පහන්වූයේ සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.

’’මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි බුදුරජුන්හට පිරිවරණය (වතාවත්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැන් කිරීමෙහි මේ විපාකයයි.

’’මින් තෙවිසිවන කපෙහි, මහත් බල ඇති සමනුපධාන නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධුපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

බුද්ධුපට්ඨායිකත්ථෙරස්සාපදානං නවමං.