ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
29. පණ්ණදායක වග්ග
10. පුබ්බඞ්ගමිය ථෙරාපදානය
’’උත්තමාර්ත්‍ථයවූ නිවන් ලැබීම පිණිස අසූහාර දහසක් දෙනා (කිසිදු වස්තුවක් නොමැති බැවින්) අකිඤ්චනවූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
’’පැහැදුනාවූ, නොකැළඹුනාවූ මොවුහු රාග සහිතයෝය. භවෝත්පත්තිය නැති නොකොළෝය. පහන්වූ ඔවුහු (රහතුන්හට) සියතින්ම මැනවින් උවැටැන් කළාහුය.
’’ක්‍ෂය කළ ආශ්‍රව ඇති, වමාරා දැමූ (නැතිකළ කෙළෙස්) දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස් මරුන් දිනූ (උන්වහන්සේලා) (අප කෙරෙහි) මෙත් සිත පැතිරවූහ.
’’එම සම්බුදුවරයන් වහන්සේලාට උවැටැන් කොට, සිහියෙන් යුක්තවූයේ මරණයටද පැමිණියාහු දෙවත්‍වයටද ගියෙමු.
’’සිව් අනූවන කපෙහි යම් ශීලයක් රැකියෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සංයමයෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුබ්බඞ්ගමියත්ථෙරස්සාපදානං දසමං.
පණ්ණදායකවග්ගො එකූනතිංසතිමො.