ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
1. චිතකපූජක ථෙරාපදානය
’’එකල්හි මම අජිත නම් බමුණෙක් වීමි. පූජාවක් කරනු කැමැත්තේ නොයෙක් මල් රැස් කළෙමි.
’’සිඛී බුදුරජාණන් වහන්සේගේ ඇවිලෙන්නාවූ සෑය දැක මම එම මල් ගෙනවුත් සැයෙහි විසිරවීමි.
’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සත් විසි වන කපෙහි මනුජාධිපතිවූ, මහත් බල ඇති, සුපජ්ජලිත නම් සක්විති රජ කෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
චිතකපූජකත්ථෙරස්සාපදානං පඨමං.