ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
2. පුප්ඵධාරක ථෙරාපදානය
’’මම වැහැරි සිවුරු දරන්නාවූ, එකස්කොට අඳනා ලදවූ අඳුන් දිවි සම් ඇති, උපදවූ පංචාභිඥා ඇති, සඳ පිරිමැදුමෙහි සමත් (ඎද්‍ධිමත්) තවුසෙක් වීමි.
’’ලෝකයාට අලෝකයක්වූ, මා සමීපයට වැඩියාවූ විපස්සී බුදුරජුන් දැක, මම එම ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙනවුත් කුඩයක් මෙන් කොට) දැරීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප (ඡත්‍රයක්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (මල් කුඩය) දැරීමෙහි මේ විපාකයයි.
’’මින් සත් අසූවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුප්ඵධාරකත්ථෙරස්සාපදානං දුතියං.