ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
3. ඡත්තදායක ථෙරාපදානය
’’එකල්හි මාගේ පුත්‍ර තෙමේ කසාවත් හැඳියේ පැවිදිවිය. හෙතෙම ශ්‍රාවක බෝධිය (රහත් බවට) පැමිණියේ, ලොකයා විසින් පුදනු ලැබූවෙක්ව පිරිනිවන් පෑහ.
’’මම සිය පුතා සොයමින් පස්සෙන් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත ගියෙමි.
’’මම එහි ඇඳිලි බැඳගෙන සෑය වැඳ එකල්හි සුදු කුඩයක්ද ගෙන (සෑයට) නගා තැබීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් කුඩ (ඡත්‍ර) පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඡත්‍ර දානයාගේ විපාකයයි.
’’මින් පස් විසිවෙනි කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඡත්තදායකත්ථෙරස්සාපදානං තතියං.