ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

30. චිතකපූජක වග්ග

4. සද්දසඤ්ඤක ථෙරාපදානය

’’හිරු උදාවන්නටත් පෙර ආලෝකය මහත් විය. (මෙය) මහර්ෂිවූ බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීමයි.

’’(ගිලන් ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්ද ඇසීමි. ඒ බුදුරජුන් නොදිටීමි. මරණාසන්න අවස්ථාව පැමිණි කල්හිද බුද්‍ධ යන නාමය සිහි කෙළෙමි.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්‍ධ යන හැඟීමක් ලැබුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං චතුත්ථං.