ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
5. ගොසීස නික්ඛෙපක ථෙරාපදානය
’’මා විසින් (භික්‍ෂු සංඝයා) අරම් දොරින් නික්මෙන (මඩ සහිත) මගෙහි ගව හිස් කබලක් අතුරණ ලදී. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්‍මයේ විපාකය විඳිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
’’ආජානීය අශ්වයෝද, වාත වේගයෙන් දිවිය හැකි වාත ජව අශ්වයෝද, සෛත්‍ධව අශ්වයෝද යන සීඝ්‍ර වාහන (සම්පත්) අනුභව කරමි. මේ සියල්ල ගව හිස් කබල (සංඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමේ විපාකයයි.
’’පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයයි. මා විසින් සරු කෙතෙහි කරණ ලද (මෙය) උතුම් පුණ්‍ය කර්‍මයකි. සංඝයා විෂයෙහි කරණ ලද උපකාරය හා සසඳනා විට අනික් සත්කාරයක් (ඉන්) කලාවකටද නොඅගී.
’’මම මින් සිව් අනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගමන් පහසුව ඇතිවන සේ සංඝයා සඳහා ගෙරි හිස් කබල ඇතිරීමේ මේ විපාකයයි.
’’පන් සැත්තෑවන කපෙහි මහත් බල ඇති, අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජකෙනෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගොසීස නික්ඛෙපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ගොසීසනික්ඛෙපකත්ථෙරස්සාපදානං පඤ්චමං.