ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

30. චිතකපූජක වග්ග

6. පාදපූජක ථෙරාපදානය

’’එකල්හි (මම) හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. (එහිදී) පීත වර්‍ණ රැස් ඇති (උදා) හිරු මෙන් බබළන බුදුරජුන් දිටිමි.

’’(තමා සිටින තැනට) වැඩියාවූ, ලෝක නායකවූ, ඒ විපස්සී බුදුරජුන් (දැක) මම ශ්‍රී පාදයෙහි සඳුන්ද, තුවරලාද ඉස්සෙමි.

’’මින් එක් අනූවන කපෙහි යම් ශ්‍රීපාද පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්‍රීපාද පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පාදපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.