ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
3. ගතසඤ්ඤක ථෙරාපදානය
’’අනි ලඤ්ජස නම් වූද, අම්බර නම්වූද අහසෙහි පියවර නැත. එම අහසෙහි වඩින්නාවූ සිදුහත් බුදුරජුන් දුටිමි.
’’සුළඟින් සෙලවෙන්නාවූ සම්බුදුරජුන්ගේ සිවුර දැක (එසේම) උන්වහන්සේගේ ගමනද දැක බුදුරජුන් කෙරෙහි එකෙනෙහි මාගේ ප්‍රීතිය හටගත්තේය.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ ගමන පිළිබඳ) සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ගතසඤ්ඤකත්ථෙරස්සාපදානං තතියං.