ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
4. සත්තපදුමිය ථෙරාපදානය
’’මම ගංවුරෙහි ’’නෙසාද’’ නම් බමුණෙක්ව පියුම් මලින් අසපුව හැමද වෙසෙමි.
’’අහසින් වඩින ලෝක නායකවූ, ස්වර්‍ණ වර්‍ණවූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් දැක මට ප්‍රීතිය පහළ විය.
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සම්බුදුරජුන් වෙත පෙර ගමන් කොට අසපුවද පිළිගන්වා උතුම් නෙළුඹු වලින් පිදීමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් එක් විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, ’’පාදපාවර’’ නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සත්තපදුමියත්ථෙරස්සාපදානං චතුත්ථං.