ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
5. පුප්ඵාසනදායක ථෙරාපදානය
’’නුදුරෙන් වඩින්නාවූ ස්වර්‍ණ වර්‍ණවු සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නාවූ) පස් මරුන් දිනූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් දිටිමි.
’’(දැක උන් වහන්සේට පෙර ගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා) පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදී.
’’එකල්හි මම හටගත් ප්‍රීති ඇත්තේ ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා එම පුණ්‍ය කර්‍මය දියුණු කෙළෙමි.
’’පස් මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, එම සියළුම කුශලය කරණ කොට ගෙන ශාසනය කෙරෙහි පිරිසිදුවූ (රහත්) කෙනෙක් වෙමි.
’’ මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (යම්) පුෂ්පාසන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්පාසන දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුප්ඵාසනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.