ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
7. සද්දසඤ්ඤක ථෙරාපදානය
’’දෙතිස් මහා පුරිස් ලකුණෙන් මනා දර්‍ශනය ඇති, මහා වීරවූ, සිඛී බුදුරජ තෙම අමා දහම් දෙසමින් ශ්‍රාවක සංඝයා විසින් පිරිවරණ ලදුව, උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.
’’එසේ ඒ මිහිරිවූ වචනයෙන් මහා ජනයාට සංග්‍රහ කරණ කල්හි දෙවි මිනිසුන් අතරෙහි පැතිරීගිය දෙසුම් හඬද මහත් විය.
’’මෙසේ සිදුහත් බුදුරජුන්ගේ (දහම් දෙසන්නාවූ) මහත් ශබ්ද අසා එම ශබ්දයෙහි සිත පහදවා ලෝක නායකවූ බුදුරජුන්හට වැන්දෙමි.
’’මින් සිව් අනූවන කපෙහි එකල්හි බුදුරජුන්ගේ මිහිරි හඬෙහි යම් ශබ්ද සංඥාවක් ලැබූවෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං සත්තමං.