ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
8. නිරාසිය ථෙරාපදානය
’’ශ්‍රේෂ්ඨ ජන්ම ඇති, කෙශර සිංහයෙකු වැනිවූද, පර්‍වතයෙහි (දිලිසෙන) ගිනිකඳක් වැනිවූද, සියලු දිගින් බැබුළුනාවූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දුටිමි.)
’’(එම බුදුරජුන්ගේ) බුද්‍ධාලෝකයද, සූර්‍ය්‍යාලෝකයද, චන්ද්‍රාලෝකයද දැක මට ප්‍රීතිය පහළවිය.
’’(මේ) ත්‍රිවිධ ආලෝකයන් දැක, අඳුන් දිවි සම එකස්කොට (හැඳ), ශ්‍රාවකෝත්තමවූ, ලෝකනායකවූ, බුදුරජුන්හට ස්තූති කෙළෙමි. (කෙසේදයත්?)
’’’’ලෙව්හි ලොව තුළ පැතිරි අඳුරු දුරුකරන්නාවූ එළි පතුරුවන්නෝ තිදෙනෙක් වෙති. (එනම්) චන්ද්‍රයාද, සූර්‍ය්‍යයාද, ලෝකනායකවූ බුදුරජද යන මේ තිදෙනායි.
’’මා විසින් මෙසේ උපමා දක්වා මහා මුනිවූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශකොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.
’’මින් සිව් අනුවන කපෙහි යම් බුදුරජාණන් වහන්සේගේ ගුණ පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුගුණ පැසසීමෙහි මේ විපාකයයි.
’’මින් එක් සැටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’ඤාණධර’’ නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිරාසිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිරංසියත්ථෙරස්සාපදානං අට්ඨමං.