ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
10. කුමුදුමාලිය ථෙරාපදානය
’’ශ්‍රෙෂ්ඨවූ, උතුම්වූ, වීරවූ, මහර්ෂීවූ, පස් මරුන් දිනූ, ශ්‍රේෂ්ඨ ජන්ම ඇති, කෙශර සිංහයෙකු වැනිවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, මහමගට පිළිපන් විපස්සී බුදුරජුන් (දිටිමි.) (දැක) කුමුදු මල් ගෙන බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේ පිදීමි.
’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදුමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කුමුදමාලියත්ථෙරස්සාපදානං දසමං.
ආරක්ඛදායකවග්ගො බාත්තිංසතිමො
(බත්තිංසතිමො (සී. ස්‍යා.))n