ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

33. උම්මා පුප්ඵිය වග්ග

1. උම්මා පුප්ඵිය ථෙරාපදානය

’’සන්සුන් සමවත් පස්මරුන් පැරදවූ සමාධි බලයෙන් සමීපයට වැඩමවූ මනුෂ්‍යොත්තමවූ සිදුහත් බුදුරජුන් දිටිමි.

’’දැක දිය බෙරලිය මල් ගෙන බුදුරජුන්හට පිදීමි. සියළු මල් එක එක සමව ලං ලංව හැපුනාහු, නටු උඩුකුරුවූවාහු, පෙති යටිකුරු වූවාහු,

’’ඉතා විසිතුරු වූවාහු, අහසෙහි මල් ඇතිරියක් මෙන් සිටි කල්හි (ඒ පිළිබඳව ඇතිවූ) එම චිත්ත ප්‍රසාදය කරණකොට ගෙන මම තුසිත දෙව් ලොවට ගියෙමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පස් පණස්වන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සමන්තඡදන නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උම්මා පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උමාපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.