ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
33. උම්මා පුප්ඵිය වග්ග
3. හාසජනක ථෙරාපදානය
’’ශාස්තෲන් වහන්සේගේ පවුල් සිවුර ගස් මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
’’දුරදීම දැක මට සතුට පහළවිය. (ඉක්බිති) ඇඳිලි බැඳ වඩාත් සිත පැහැදවීමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ පවුල් සිවුර පිළිබඳ) පැහැදී හැඟීමක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් පිළිබඳ පැහැදි හැඟීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
හාසජනකත්ථෙරස්සාපදානං තතියං.