ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
33. උම්මා පුප්ඵිය වග්ග
6. අන්නසංසාවක ථෙරාපදානය
’’අතුරු අවුණෙහි (වීථිය මැද) වඩින්නාවූ, කසුන් ඇගෑවක් මෙන් බබලන, දෙතිස් මහා පුරිස් ලකුණු යුත්, රන්වන් බුදුරජුන් දුටිමි.
’’සර්‍වාර්ත්‍ථයෙන් සිදුකළ (කෙළෙස්වලින් වන) කම්පාවක් නොමැති පස්මරුන් පරදවා ජයගත් සිදුහත් බුදුරජුන් වැඩමවා එම මහා මුනිවූ සර්‍වඥයන් වහන්සේ වැළඳවීමි.
’’එකල්හි ලෙව්හි කාරුණීකවූ බුදුරජතෙම මා වෙත ආලෝකය පැතිරවූ සේක. මම බුදුරජුන් කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂු දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අන්නසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අන්නසංසාවකත්ථෙරස්සාපදානං ඡට්ඨං.