ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

33. උම්මා පුප්ඵිය වග්ග

5. නිමිත්ත සඤ්ඤක ථෙරාපදානය

’’මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි අසපුවක වෙසෙමි. මම වනයෙහි හැසිරෙන්නාවූ ස්වර්‍ණ මෘගයෙක් දිටිමි.

’’එම ස්වර්‍ණ මෘගයා කෙරෙහි සිත පහදවා බුදුරජුන් සිහි කෙළෙමි. එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන අනික් බුදුවරයන්ද සිහි කෙළෙමි.

’’අතීතයෙහි යම් බුදු කෙනෙක් වූවාහුද, වර්‍තමානයෙහි හා අනාගතයෙහි යම් බුදුකෙනෙක් වෙත්ද, ඒ තෙකල්හිවූ බුදුවරුම මේ ස්වර්‍ණ මෘග රාජයා යම් සේද එසේම බබළත්.

’’ මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් සිතින් සිහිපත් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඒ බුදුවරුන් සිහිපත්කිරීමෙහි මේ විපාකයයි.

’’මින් සත් විසිවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති, අරඤ්ඤසත්ත නම් සකිවිති රජ කෙනෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්ත සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නිමිත්තසඤ්ඤකත්ථෙරස්සාපදානං පඤ්චමං.