ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
34. ගන්‍ධධූපිය වග්ග
3. පුන්නාග පුප්ඵිය ථෙරාපදානය
’’වැද්දෙකුවූ මම මහ වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක, බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
’’සුවඳැති මිහිරි සුවඳ කැවුණු එම මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
’’මින් දෙ අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් එක් අනූවන කපෙහි අඳුරු දුරු කරන්නාවූ, සත් රුවනින් යුත්, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුන්නාගපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.