ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

35. එකපදුමිය වග්ග

5. නළාගාරික ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි භාරිත නම් පර්‍වතයක් විය. නාරද නම් බුදුරජතෙම රුක් මුලක විසූහ.

’’මම බට කුටියක් කොට එහි තණ (බටකොළ) සෙවිළි කළෙමි. (එහි) සක්මණක්ද පිරිසිදුකොට තථාගතයන් වහන්සේට දුනිමි.

’’මම තුදුස්වන කපෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.

’’මම සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (කරවණ ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකියි.

’’පැන නැංගාවූ මාගේ භවනය උඩට නැගුනු දේදුන්නක් මෙනි. දහසක් කණු ඇති අනූපමවූ (එම) විමානය පැහැ විහිදුවන්නේය.

’’කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්‍ය-මනුෂ්‍ය) විවිධ සම්පත් අනුභවකොට මම ගෞතම බුදුන්ගේ සසුනෙහි පැවිදිවීමි.

’’වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වෙමි. එසේම උපශාන්තය. උපධි රහිතය. බැඳුම් සිඳි ඇත් රජකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නළාගාරිකත්ථෙරස්සාපදානං පඤ්චමං.