ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
35. එකපදුමිය වග්ග
6. චම්පක පුප්ඵිය ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි ’’චාපල’’ නම් පර්‍වතයක් විය. සුදස්සන නම් බුදුරජතෙම එහි කඳු අතරෙහි විසූහ.
’’හිමවත් මල් ගෙන අහසින් යන්නාවූ මම (චතුර්) සත්‍යයන් තරණය කළ ආශ්‍රව රහිත කෙළෙස් රජස් විරහිත බුදුරජුන්හට පිදීමි.
’’එකල්හි මම සපු මල් සතක් හිසෙහි තබා සියල්ල තෙමේම අවබෝධ කළාවූ බුදුරජුන්හට පිදීමි.
’’මින් එක්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
චම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.