ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

35. එකපදුමිය වග්ග

7. පදුම පූජක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි රොමස නම් පර්‍වතයක් විය. එකල්හි සම්භව නම් බුදුරජ තෙම එලිමහනෙහි විසූහ.

’’මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට නැවත භවනයෙන් එළඹියෙමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පදුමපූජකත්ථෙරස්සාපදානං සත්තමං.

තෙරසමං භාණවාරං.