ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
35. එකපදුමිය වග්ග
4. තිකිඞ්කණිපූජක ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි ’’භුතගණ’’ නම් පර්‍වතයක් විය. එහිද ගස් මුදුනක එල්ලන ලද පවුල් සිවුරක් (පාංශුකූල වීවරයක්) දුටිමි.
’’මම එකල්හි කිකිණි මල් තුනක් කඩා, සතුටුවූයේ සතුටු සිතින් පවුල් සිවුරට පිදීමි.
’’මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කිකිණි මල් තුනක් පිදීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞකණි පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිකිඞ්කණිපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.