ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
35. එකපදුමිය වග්ග
9. තින්‍දුකඵලදායක ථෙරාපදානය
’’කඳු අතරෙහි වැඩහුන්නාවූ, කිණිහිරි රුකක් මෙන් බබලන (චතුර්විධ) ධර්‍මයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ (කෙළෙස් රජස් විරහිත) වෙස්සභූ බුදුරජුන් දුටුවෙමි.
’’ගෙඩි සහිත තිඹිරි ගසක් දැක (එය) කිණිති සහිතව බිඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම වෙස්සභූ බුදුරජුන්හට දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරි ගෙඩි දනක් දුනිම්ද, එකල්හි (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තින්දුකඵලදායකත්ථෙරස්සාපදානං නවමං.