ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
35. එකපදුමිය වග්ග
10. එකඤ්ජලිය ථෙරාපදානය
’’එකල්හි රෙවත නම් සර්‍වඥ තෙම ගංගා තීරයෙහි (ගංඉවුරෙහි) විසූහ. මම කෙළෙස් රජස් විරහිතවූ පීතවර්‍ණ රැස් ඇති (උදා) හිරු වැනිවුද එම බුදුරජුන් දිටිමි.
’’කෝවයෙහි ලා තබා පිරිසිදු කළ ස්වර්‍ණයක් වැනිවූද, ඇවිලෙන කිහිරඟුරු මෙන් දීප්තිමත්වූද, බබලන්නාවූද, ඔසධි තාරකාවක් වැනිවූද (එම බුදුරජුන් දැක) මම එක අඤ්ජලියක් (එක වරක් පමණක් ඇඳිලි බැඳීම) කෙළෙමි.
’’මින් සිව් අනූවන කපෙහි මම යම් ඇඳීලි බැඳීමක් කෙලෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකඤ්ජලියත්ථෙරස්සාපදානං දසමං.
එකපදුමියවග්ගො පඤ්චතිංසතිමො.