ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

36. සද්ද සඤ්ඤක වග්ග

10. පිණ්ඩපාතික ථෙරාපදානය

’’තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ උන්වහන්සේට පිණ්ඩපාත දානයක් දුනිමි.

’’මහත්වූ ගුණ ඝෝෂාවක් ඇති, තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ, මම (ආපසු) තුෂිත දෙව්ලොවට ගියෙමි.

’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩපාත දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පිණ්ඩපාතිකත්ථෙරස්සාපදානං දසමං.

සද්දසඤ්ඤකවග්ගො ඡත්තිංසතිමො.