ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

37. මන්දාරව පුප්ඵිය වග්ග

1. මන්දාරව පුප්ඵිය ථෙරාපදානය

’’මඬගල නම් මානවකවූ මම මදාරා මල් ගෙන, තව්තිසා දෙව්ලොව සිට මෙහි පැමිණ, සමාධියෙන් වැඩහුන් විපස්සී බුදුරජුන්ගේ මස්තකයෙහි දැරීමි. (ඒ මල් කූඩයක් මෙන්) සතියක් (බුදුරජුන්හට) දරා සිට නැවත දෙව්ලොවට ගියෙමි.

’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්දාරව පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මන්දාරවපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.