ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
37. මන්දාරව පුප්ඵිය වග්ග
2. කක්කාරු පුප්ඵිය ථෙරාපදානය
’’(මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණි ශ්‍රීමත්වූ ගෞතමයන් වහන්සේ (දුටිමි.) (දැක) කැකිරි මල් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
’’මින් දෙයානූවන කපෙහි යම් බුද්ධ පූජාවක් (කැකිරි මල් පිදිමක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරු පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කක්කාරුපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.